Friday, May 16, 2014

5 Healthy Ways to Eat More Chocolate

නිරෝගි බව රැකගෙන  චොකලට් කන්න හැකි ක්‍රම 5ක්.



ඔබත් චොකලට් ලෝලියෙක්ද? එසේනම් මෙන්න ඔබට සුභ ආරංචියක්.
චොකලට් එහි රසයෙන් පමණක් නොව නිරෝගී බව රැකගැනීමටත් ඉහලින්ම දායක වෙයි කියලයි විශේෂක්ඥයින් පවසන්නේ.
චොකලට් වලින් උපරිම ප්‍රයෝජන ලබන්න නම් එය අනුභව කරන නිවැරදි ක්‍රම 5ක් තියෙන බවද සොයාගෙන තිබෙනවා.

01 . තද පැහැයෙන් යුත් චොකලට් වඩාත් හිතකර වන අතර එහි antioxidant
 වැඩිපුර අඩංගු බවින් තරුණ බව රැක ගැනීමට උපකාරී වෙයි.
02. ධාන්‍ය අනුසාරයෙන් සාදන ලද ආහාර රස කිරීමට යොදාගන්න. - ඔබේ උදැසන cereal(සීරියල්)  රස ගැන්වීමට තද පැහැයෙන් යුත් චොකලට් පෙති කිහිපයක්ද ඒ සමගම කෙසෙල්, ස්ටෝබෙරි වැනි පලතුරු ස්වල්පයක් එක් කිරීමෙන් එහි රස දෙගුණ තෙගුණ කරගත හැකි මෙන්ම ශරීරයටද හිතකර වෙයි.

03.  ඉසින්න -  තද පැහැයෙන් යුත් චොකලට් පෙති කිහිපයක් වතුර ස්වල්පයක් සමග රත්කර දිය කර ගන්න. අලුත් පලතුරු පොප් කොරන් (පොරි) මත ඉස ගැනීමෙන් හෝ ඔලිව ගෙඩි , වෙලාගත් ටක්කලි , රෝස් කල සුදුලුනු මත තවරා ගැනීමෙන් ඉතාමත් නිරෝගී මෙන්ම රසවත් අහර පිළියෙළ කර ගත හැක.

04. විවිධ ඇට වර්ග වලින් සදනලද බටර් (pecan, walnut, macadamia nut, cashew, almond, sunflower seed, pumpkin seed, hemp seed,) සමග මිශ්‍ර කර ගැනීමෙන් එම ආහාර තව තවත් රසයෙන් ගුරයෙන් පුර්ණ කර ගත හැක .

05. තැම්බූ එළවලු සමග මිශ්‍ර කරන්න - මෙය තරමක් අමුතු දෙයක් ලෙස බැලූ බැල්මට පෙනෙන්න පුළුවන්. නමුත් හිතන්න MOLE නමැති මැක්සිකානු සෝර්ස් වර්ගය සදා ඇත්තේ චොකලට්, මිරිස් සහ අනිකුත් තුනපහ  වලිනුයි. 
මෙසේ විවිධ අයුරින් ආහාර සමග චොකලට් භාවිතය තුලින් එහි ඇති ගුනාත්මක භාවය අපට ලබාගත හැකි බවයි ඇමරිකානු ජාතික විශේෂක්ඥයෙක්  පවසන්නේ.



Cynthia Sass is a nutritionist and registered dietitian with master’s degrees in both nutrition science and public health. Frequently seen on national TV, she’s Health’s contributing nutrition editor, and privately counsels clients in New York, Los Angeles, and long distance. Cynthia is currently the sports nutrition consultant to the New York Rangers NHL team and the Tampa Bay Rays MLB team, and is board certified as a specialist in sports dietetics. Her latest New York Times best seller is S.A.S.S! Yourself Slim: Conquer Cravings, Drop Pounds and Lose Inches


No comments:

Post a Comment