Thursday, April 10, 2014

Windows Xp අවමංගල්‍ය

Windows Xp අවමංගල්‍ය - ලොව පුරා මිලියන ගණනක Xp ලෝලීන් අතහැර පසුගියදා Windows Xp අතම අවසන් ගමන ගිය වගයි.

Windows xp, Microsoft ආයතනයේ 7 වන ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වන අතර විවාදයකින් තොරව සාර්ථකම මෙහෙයුම් පද්ධතිය ලෙසද නම් කල හැක. 
1914 අප්‍රියල් මාස 7 වන දින අවාසනාවන්ත ලෙස එහි නිර්මාත්තෘ අතින්ම එය මරණයට අතහරිනු ලැබිය.ඒ වන විට එහි වයස අව්.12 මාස 7ක් විය.
මේ වන විට මිලියන ගණනක් පරිඝනක වල (brain-dead stasis) මොලය මියගිය ආකාරයෙන් තවමත් ක්‍රියා කරයි. මේ පරිඝනක අයිති කරුවන්ව Microsoft සමාගම  අතහැර ගොස් ඇති අතර නැතහොත් මෙම අතහැරීම පිලිබඳ ඔවුන් තවමත් කිසිත් නොදැන සිටිති.

Microsoft සමාගම Windows xp, මළගම එහි ඇතුලතම ඉතා නිහඬව පැවැත්වූ අතරම එත් සමගම office 2003 ද නිහඬවම වලලා දමන ලදී.

 Windows xp, විසින් Microsoft සමාගමට තවත් මෙහෙයුම් පද්ධති 3 ක්  කරා යාමට මග විවර කර දුන් අතර (එනම් Windows Vista, Windows 7, and Windows 8) Microsoft සමාගම එහි පාරිභෝගිකයන්ව එම අලුත් මෙහෙයුම් පද්ධති මිලදී ගන්නා ලෙස ඉල්ලා සිටියි.
කෙසේ වෙතත් Windows xp මෙහෙයුම් පද්ධතියේ සාර්ථකත්වය නිසා  එය භාවිතයෙන් ඒවත් කිරීම පිලිබඳ බොහෝ දෙනා නොයෙක් චෝදනා ඉදිරිපත් කරති. මෙය නව මෙහෙයුම් පද්ධති විකුණා ගැනීමට Microsoft සමාගම විසින් ගහපු ගැටයක් හැටියටද තවත් සමහරු චෝදනා කරති.

අවසාන වශයෙන් ඔබේ ජිවිතයේ කෙදිනක හෝ  Windows xp, පවිච්චි කර ඇත්නම් ඔබේ ප්‍රණාමය එයට පුද කරන්න ...


Translated by
www.supremenet.biz
Source 'xp lovers'

No comments:

Post a Comment