Sunday, July 20, 2014

වවුනියාවේ ළමා නිවාසයක සිදු කෙරුණ ළමා අපචාර

වවුනියාවේ ළමා නිවාසයක සිදු කෙරුණ ළමා අපචාර පිළිබඳව චෝදනා ලැබ සිටින උතුරු පළාතේ උප ප්‍රධාන සංඝනායක ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස හිමියන් නොවැම්බර් 19 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් වව්නියාවේ දිසා විනිසුරු වී.රාමකමලන් නියෝග කර ඇත.,

චූදිත ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස හිමියන්ගේ පාලනය යටතේ පවතින සෙත්සෙවන ළමා නිවාසයේ සිංහල සහ දෙමළ ළමුන් පනහක් පමණ නේවාසිකව සිටි අතර, එහි විසූ දස හැවිරිදි පිරිමි දරුවකු පසුගිය මාසයේ ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කිරීමට සිදු විය.
ඔහු පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා වාර්තා කොට තිබුණේ,එම දරුවා ලිංගික අපයෝජනයට සහ ලිංගික හිංසනයට ගොදුරු වී ඇති බවයි.
ඉන් අනතුරුව,අදාළ පරීක්ෂණ වව්නියාව පොලිසියෙන් ළමාරක්ෂණ අධිකාරියට පවරුන අතර එහි නිලධාරීන් විසින් සෙත් සෙවන ළමා නිවාසයේ ළමුන් විසිඑක් දෙනෙක් ඔවුන්ගේ භාරයට ගෙන කළුතර ළමා නිවාසයේ භාරයට පත් කරනු ලැබුණි.


No comments:

Post a Comment