Saturday, May 10, 2014

අවංකභාවය වෙනුවෙන් ශ්‍රී ලාංකියකුට ඩොලර් 81,500 ක්

ඕස්ට්‍රේලියානු අධිකරණයක් අවංක භාවය ප්‍රදර්ශනය කළ ශ්‍රී ලාංකික තරුණයෙකුට ඩොලර් 81,500 ක මුදලක් ප්‍රදානය කොට උපහාර දක්වයි.




ඕස්ට්‍රේලියාවේ ‘චැනල් නයින්’ (Channel Nine) මාධ්‍ය ජාලයේ වැසිකිළි පිරිසිදු කිරීමෙහි නිරතවූ ශ්‍රී ලාංකික තරුණයා එහි තිබී තමාට හමු වූ ඩොලර් ලක්ෂයකට අධික මුදලක් බලධාරීන්ට භාර දීම මගින් දක්වන ලද අවංක භාවය වෙනුවෙනුයි මුදල් ප්‍රදානය සිදු කෙරුණේ.
චමිඳු අමරසිංහ නම් ශ්‍රී ලාංකික තරුණයායි, එම උපහාරය ලද්දේ.
ඩොලර් ලක්ෂයක මුදල දුටු චමින්ද අමරසිංහ ඒ ගැන සිය පරීක්ෂකවරයාට දැනුම් දී ඇති අතර අනතුරුව පොලිසිය කැඳවනු ලැබ ඇත.
එහෙත් පරීක්ෂණ වලදී එම මුදලේ අයිතිය වෙනුවෙන් කිසිවකු ඉදිරිපත්ව නැති අතර සිද්ධිය විභාග කල මහේස්ත්‍රාත් මයිකල් ස්මිත්, චමින්ද අමරසිංහ වෙනුවෙන් මුදල් ප්‍රදානයක් කල යුතු යයි තීන්දු කර තිබෙනවා.

මේ පුවත ඇසීමෙන් සතුටට පත්වූ චමිඳු අමරසිංහ ඕස්ට්‍රේලියාවේ බෞද්ධ විහාරස්ථානයකට සහ ආබාධිත ළමුන්ට ආධාර කිරීමටද බලාපොරොත්තුවන බව ප්‍රකාශ කොට තිබේ.

Source BBC

No comments:

Post a Comment